― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentටිපර් - යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ටිපර් – යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චිය, පොන්නගර් ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසුවේ ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය, පොන්නගර් ප්‍රදේශයේ පදිංචි සන්තානම් පුෂ්පරාජ් නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.