― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅභියෝගවලට මුහුණදිය හැකි දරු පරපුරක් බිහි කළ යුතුයි

අභියෝගවලට මුහුණදිය හැකි දරු පරපුරක් බිහි කළ යුතුයි

අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වැනි සංවත්සරයට සමගාමීව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

ජාතිය ගොඩනගන පුද්ගලයන් බිහි කිරීමේ දී වෙස්ලි විද්‍යාලය මහඟු සේවයක් ඉටු කර තිබෙනවා. වෙස්ලි විද්‍යාලය පුද්ගලයින් සහ නායකයින් හැඩගැස්වූවා. ඔවුන් ජාතිය හැඩගැස්වූවා. මේ පාසල් තුලින් ශ්‍රේෂ්ඨ චරිත රැසක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා තමයි අප අදටත් අපේ රට වෙනුවෙන් අපගේ සේවය ලබා දෙමින් සිටින්නේ. පළා යාම ඔබ ඉගෙන ගත් දේ හෝ මම ඉගෙන ගත් දේ නොවෙයි. අපට උගන්වා ඇත්තේ අපගේ ප්‍රතිපත්තිවල සිටිමින් සෑම විටම එය ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමටයි.

අධ්‍යාපනයෙන් විය යුත්තේ ද මෙයයි. පොත පතේ දැනුම, නවීන තාක්ෂණය මෙන්ම ක්‍රිඩාව ඇතුළු විවිධ විෂයන් ඔබ ඉගෙන ගත යුතුයි. මේ වනවිට අප පාසල්වල කෘත්‍රීම බුද්ධිය (AI) පිළිබඳ සංගම් ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒවගේම කෘත්‍රීම බුද්ධිය සහ කෘත්‍රීම බුද්ධිය නියෝජිත ආයතනය පිළිබඳ අලුත් නීතියක් ගෙන එනවා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා අප රුපියල් බිලියනයක් වෙන් කර තිබෙනවා. මෙම කටයුතු නිසි ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන විට අපට යහපත් අනාගතයක් කරා ගමන් කළ හැකියි.

අපි පාසල් අධ්‍යාපනය ලබන සමයේ රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ආධාර ලබන පාසල් වශයෙන් පාසල් වර්ග කිහිපයක් තිබුණා. අවාසනාවකට මෙන්, ඔබ සියලු දෙනාම දැන් එක පැත්තකින් රජයේ පාසල්වලටත් තවත් පැත්තකින් ජාත්‍යන්තර පාසල්වලත් සිරවී සිටිනවා. අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු මෙම වෙනස්කම් පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම අපේ රටට සේවයක් කළ මෙවැනි පාසල්වලට රජයෙන් උදව් කළහැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරිමට ද අප බලාපොරොත්තු වෙනවා. ඔබ මේ රටට සේවයක් සිදු කර තිබෙනවා වගේම ඔබට තවත් කළ හැකි බොහෝ දේ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ අප ගෙන එනවා. ඒ පිළිබඳ නව සැලසුම් රැසක් අධ්‍යාපන අමාත්‍යවරයාට තිබෙනවා.

ඒ වගේම කොවිඩ් සමයේ නිසි වේලාවට විභාග පැවැත්වීමට නොහැකි වුණා. ඒ මත ඇති වූ ගැටලුව අවසන් කිරීමට ද කටයුතු කළයුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කළයුතු පාසල් බොහොමයක් තිබෙනවා. එහිදි වෙස්ලි විද්‍යාලය වැනි පාසල්වලට පුළුල් කාර්යභාරයක් පැවරෙනවා. මෙම විද්‍යාලය ශ්‍රී ලංකාව හැඩගැස්වීමට දායක වූ විද්‍යාලයක් බව මා නැවත ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම අනාගතයේදීත් එය එලෙසම සිදුවන බවට කිසිඳු සැකයක් නැහැ.”