― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලාංකික සම්භවයක් සහිත යුවළක් ඔස්ට්‍රේලියාවේදී මියයයි

ලාංකික සම්භවයක් සහිත යුවළක් ඔස්ට්‍රේලියාවේදී මියයයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඊසාන දිග වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ සිරුරු හමු වී තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ මෙම මළ සිරුරු දෙක සොයාගෙන ඇති අතර මොවුන්ගේ මරණවලට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

වයස අවුරුදු 70ත් 80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් යන යුවළගේ සිරුරු මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොගත් මළ සිරුරු දෙනෙක් එක් මළ සිරුරක් මෝටර් රථයක් තුළ තිබුය දී සොයාගෙන ඇති අතර අනෙක් සිරුර ඒ ආසන්නයේ තිබී හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ මෝටර් රථය මෙම යුවළට අයත් එකක් බවටයි අනාවරණය වී ඇත්තේ. මිය ගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25කට අසන්න කාලයක් ජීවත්ව සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඔවුන්ගේ අසල්වාසීන් මාධ්‍යයට පවසා ඇත්තේ මියගොස් සිටින මාර්ලීන් කැස්පර්ස් නැමැති කාන්තාව ඇල්සයිමර් රෝගය සමඟ පොරබදමින් සිටි බවයි.

ඇයගේ සැමියා සහ දරුවන් විසින් ඇයව රැකබලා ගත් බවත් අසල්වාසීන් වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබෙනවා.