26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්

රුසියානු බලධාරීන් චීනයෙන් හමුදා උපකරණ ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යම් හෙයකින් චීනය රුසියාවට ආධාර ලබාදුනහොත් චීනයට එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවිය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවයි.

රුසියානු හමුදා පෙබරවාරි 24 වැනිදා යුක්‍රේනය ආක්‍රමණය කළ අතර මේ වනවිට දෙරටේ හමුදා අතර ප්‍රදේශ කිහිපයක දරුණු සටන් පැවැත්වෙයි. අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් අද (14) රෝමයේදී චීන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන යෑන් ජීචි හමුවීමට නියමිතය.

යුක්‍රේන ආක්‍රමණය රුසියාව විසින් ‘විශේෂ මෙහෙයුම’ ලෙස හඳුන්වනු ලබයි.
චීනය මෙතෙක් රුසියානු හමුදා මෙහෙයුම හෙළාදැක නොමැති අතර රුසියානු ක්‍රියාන්විතය ආක්‍රමණයක් ලෙසද ඔවුන් හඳුන්වා නොදෙයි.

නමුත් චීනය පවසන්නේ මෙම අර්බුදය අදහස් හුවමාරු කරගැනීමෙන් විසඳා ගත යුතු බවයි. රුසියාව ආධාර ඉල්ලීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව අමෙරිකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසීය.