26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගැටුමකට මැදි වූ තරුණයාගේ යතුරුපැදියට ගිනි තියලා

ගැටුමකට මැදි වූ තරුණයාගේ යතුරුපැදියට ගිනි තියලා

දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් යතුරුපැදියකට ගිනි තැබීමේ පුවතක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර ඇති වූ උණුසුම් තත්වයකින් පසු ගැටුමට සම්බන්ධ විදුලිබල මණ්ඩලයේ සේවය කරන තරුණයෙකුගේ යතුරුපැදියක් සොරාගෙන ගොස් ගිනි තබා විනාශ කර ඇති බවයි.

ඊයේ (13) ලක්ෂපාන ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකදී දෙපිරිසක් අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව එම ගැටුම සමථයකට පත්වීමෙන් පසු එම උණුසුම් තත්වයට මැදි වී ලක්ෂපාන, උඩුබාගේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඔහුගේ යතුරුපැදිය සුපුරුදු පරිදි මිතුරෙකුගේ නිවස ඉදිරිපිට ගාල් කර සිය නිවස කරා ගොස් තිබෙනවා.

යතුරුපැදිය ගාල් කළ නිවසේ පදිංචි මිතුරා අද (14) අලුයම යතුරුපැදියේ අයිතිකාර තරුණයාට ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ යතුරුපැදිය ගාල් කළ ස්ථානයේ යතුරුපැදිය නොමැති බවයි.

පසුව දෙදෙනාම එක් වී නැති වූ යතුරුපැදිය සොයන විට යතුරුපැදිය ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ කැළි කසල බැහැර කරන ස්ථානයට යාබදව ගිනි තබා විනාශ කර තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ මංගල උත්සවයේදී ගැටුමට මැදි වූ අනෙක් පාර්ශවයේ කිසියම් පිරිසක් විසින් යතුරුපැදිය රැගෙන ගොස් ගිනි තබන්නට ඇති බවයි.