― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋඩවලවේ තවත් ගංජා හේනක් වටලයි

උඩවලවේ තවත් ගංජා හේනක් වටලයි

උඩවලව රක්‍ෂිතයට අයත් හම්බෙගමුව ප්‍රදේශයේ අක්කර හතර හමාරක භූමි කොටසක වගා කර තිබූ ගංජා හේනක් වටලා තිබෙනවා.

එහිදී රුපියල් කෝටි 5ක පමණ වටිනාකමකින් යුත් ගංජා පැළ 250000කට අධික ප්‍රමාණයක් සොයගත් බවයි පොලීසිය පවසන්නේ.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මෙම ගංජා වගාව හම්බේගමුව නගරයේ සිට 8ක්ම් පමණ දුරකින් පොලිසිය හෝ ආරක්‍ෂක අංශවලට ලගාවිය නොහැකි දුෂ්කර ප්‍රදේශයක ඉතා ආරක්‍ෂිතව වගා කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

පොලිසිය සහ යුද්ධ හමුදාව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී භට පිරිස් එම ස්ථානය වෙත ළඟා වනවිට එහි පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පැන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිස් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.