― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපි ගාව දේශපාලන කුහකකම් නැහැ - සජිත්

අපි ගාව දේශපාලන කුහකකම් නැහැ – සජිත්

සාමාන්‍යයෙන් දේශපාලන ප්‍රතිවාදියකුගේ නමක් කිසියම් ස්ථානයක තිබුණොත් අනෙක් දේශපාලනඥයන් ඒ දෙස නොබලන බවත් තමා සහ මහින්ද රාජපක්ෂ අතර කුමන දේශපාලන එදිරිවාදිකම් තිබුණත් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පවා බස් රථයක් පරිත්‍යාග කිරීමට තමා කටයුතු කළේ එවැනි අමනෝඥ කුහක සිතුවිලි තමා ළඟ නොමැති නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ අද (18) මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ක්‍රමයේ වෙනස ගැන ලොකු ලොකු දේශන පැවැත්වූවාට එය මහ පොළොවේ යථාර්ථයක් විය යුතු බවත් කොළඹට කිරි ගමට කැකිරි නොමැතිව හැමෝටම එක හා සමානව කිරි ඉතිරිවීමේ අරමුණින් මෙම බස් සහ සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන බවත් එහි දී තමාට බස් මෑන් යන අන්වර්තනාමය පටබැඳි බවත් එම අර්වර්තනාමය පටබැඳි පුද්ගලයාගේ පාසලට පවා බස් රථයක් ලබා දුන් බවත්ය.

තමා බස් බෙදන්නේ දේශපාලනය අරමුණු කර ගෙන නොවන බවත් තමා රටේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය පවා කඩකර ඇති බවත් වේදිකාවල සෝබන වචන කියමින් රසවත් කතා කිව්වට රුපියල් හා ඩොලර් හිඟයට විසදුම් නොලැබෙන බවත් අද සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ තමාගේ පුද්ගලික මුදලින් නොව දෙස් විදෙස් ධානපතියන්ගේ පරිත්‍යාග මත බවත් ඒ ආකාරයටම රටේ ඩොලර් හිගය පියවන්න තමාට සාර්ථක වැඩසටහන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් රටේ මිනිසුන් දේශපාලනඥයෝ කියන දේ පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇති බවත් එය තමාට අදාළ නොවන බවත් තමා කිසිදින පොරොන්දු කඩකර නොමැති බවත් රටේ ප්‍රථම වතාවට වෙනත් කිසිදු පක්ෂයක් නොකළ වැඩකොටසක් සමගි ජන බලවේගය රට වෙනුවෙන් ඉටු කර ඇති බවත් එම නිසා පරණ ජරාජීරණ ගොඩට තමා ඇතුළු පිරිස අයත් නොවන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.