දුර්ලභ ගණයේ වාලම්පුරි දෙකක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (19) මඩකළපුව පොලිස් වසමේ, මඩකළපුව අරසරි පිල්ලෙයාර් කෝවිල අසළදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී අධික වටිනාකමකින් යුත් වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි මඩකළපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මඩකළපුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.