තීරුබදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා ක්රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) මැදගම පොලිස් වසමේ බකිනිගහවෙල ප්රදේශයේ ලෝහිත ස්ටෝර්ස් හිදි වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුමිවැටි 1,200 ක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි වියේ පසුවන මැදගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මැදගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.