26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස්පතිට එරෙහි නඩුවකට දින දෙයි

පොලිස්පතිට එරෙහි නඩුවකට දින දෙයි

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ප්‍රීති පද්මන් සුරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් අද (20) කැඳවනු ලැබුවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ට යළි නොතිසි යොමු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළ අධිකරණය අනතුරුව පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වැනිදා කැඳවන ලෙස නියම කළා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණා.