26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසපුගස්කන්ද ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ගැලවෙයි

සපුගස්කන්ද ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ගැලවෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ස්වාධීන වූ රජය සතු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව තෙල් පිරිපහදුවේ යටිතල පහසුකම් සංවර්ධන කර වත්මන් බලශක්ති මෙහෙයුම් අභියෝගයන්ට මුහුණ දිය හැකි ලෙස යාවත්කාලීන කිරීම සදහා හැකියාව ඇති උපායමාර්ගික සුදුසු ආයෝජකයන්ගෙන් අභිලාෂ කැදවීමට තීරණය කර ඇත.

එමෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ඉදිරියේදී ත්‍රිකුණාමලයේ ප්‍රතිස්ථාපන කර ත්‍රිකුණාමලය තෙල් ටැංකි පරිශ්‍රයද සමග නවීන තාක්ෂණය සහ පහසුකම් සමග සංවර්ධන කිරීමට ද ඇති හැකියාව පිළිබඳව අධ්‍යනය කර එම අවශ්‍ය කටයුතු සිදු කිරීමටද තීරණය කර තිබෙනවා.