25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථයක් පෙරළී 15ක් රෝහලේ

බස් රථයක් පෙරළී 15ක් රෝහලේ

වැල්ලවායේදී බස් රථයක් පෙරළී පාසල් දරුවන් ඇතුළු පහළොවක් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (21) උදෑසන වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ, වැල්ලවාය කුමාරදාස මංසන්ධිය අසළදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එම අනතුරින් පාසල් සිසුන් හත් දෙනෙකු සහ රියදුරු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්වයක් මත බස් රථය පෙරළී ඇති බවයි.

මේ වනවිට රෝහලට රැගෙන පැමිණි රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.