― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරටට එන බ්‍රිතාන්‍ය වැසියන්ට අනතුරු ඇඟවීමක්

මෙරටට එන බ්‍රිතාන්‍ය වැසියන්ට අනතුරු ඇඟවීමක්

දැඩි ආර්ථික අර්බුදයකට ලක්වීම නිසා ඖෂධ, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී කල්පනාකාරී වන්නැයි බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ශ්‍රී ලංකාවේ වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල් ගෑස් සහ ඔසුසැල් අසළ දිගු පෝළිම් දකින්න ලැබෙන බවත් විදුලි බල අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා බලධාරීන් විදුලි කප්පාදුවකට යොමු වී සිටින බවත් බ්‍රිතාන්‍ය රජය අනතුරු අඟවා තිබේ.

ඊට අමතරව බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයේ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිහි කැඳවීමක්ද කර තිබේ. විදේශියන් ඉලක්ක කර ගනිමින් එවැනි ප්‍රහාර සිදුවිය හැකි බව බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට සිහිපත් කර තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය සහ ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටිය යුතු බවත් තමන් ගමන් කරන ස්ථානවල කොවිඩ් ව්‍යාප්තිය ගැන කල්තියා දැනුවත් වීම වැදගත් යොමු කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.