26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩුනුවර ගබඩාවකින් කසළ තේ තොගයක් හමුවෙයි

උඩුනුවර ගබඩාවකින් කසළ තේ තොගයක් හමුවෙයි

උඩුනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කසළ තේ කිලෝ 13000ක් සොයාගෙන තිබෙනවා.

ගම්පොළ කඳවුරේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (20)
උඩුනුවර, දවුලගල පොලිස් බල ප්‍රදේශයේ බූවැලිකඩ ප්‍රදේශයේ තේ ගබඩා කර තිබූ මධ්‍යස්ථාන හතරක මෙම වැටලීම සිදු කර තිබුණා.

එහිදී මෙම කසළ තේ තොගය සමඟ එම ස්ථානවල හිමිකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම ගබඩා තුළ කසළ තේ ගබඩා කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.