30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළිය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති කියයි

කෙහෙළිය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති කියයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකල ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වග උත්තරකරුවන් කීප දෙනෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසියට ජෙනරාල්වරයා මෙම දැනුම් දීම සිදුකළා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම කල් තැබීමටත් අධිකරණය නියම කළා.