― political ―

රට ගොඩනැගීමට දූෂණ විරෝධී යාන්ත්‍රණයක් අවශ්‍යයි

රට ගොඩනැගීමට නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ...
HomeNewsAccidentරිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

කැකිරාව – ගනේවල්පොල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ 12 හැවිරිදි පිරිමි දරුවෙක් ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස පාර මාරුවීමට යෑමේදී ලොරි රථයක ගැටීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලැබූ කුසල යුගත් සංජීව නැමැති 12 හැවිරිදි පාසල් සිසුවෙකි.

මෙම සිසුවාගේ මව විදේශගතව රැකියාවක් සිදුකරන අතර සිසුවා සිය මිත්තනිය භාරයේ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.