29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිලියනයක ණයක් ගන්න බැසිල් අද ඉන්දියාවට

බිලියනයක ණයක් ගන්න බැසිල් අද ඉන්දියාවට

ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (15) සවස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළකර තිබේ.

මේ සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා මීට පෙර මුදල් අමාත්‍යවරයා ඉන්දියාව බලා යෑමට නියමිතව සිටියත් කලින් අවස්ථා දෙකකදීම එම සංචාරය අවලංගු විය.