30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී මහ බෝධිය රකින පොලිස් නිලධාරීන්ට නව ඇඳුමක්

ශ්‍රී මහ බෝධිය රකින පොලිස් නිලධාරීන්ට නව ඇඳුමක්

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් හට නව නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් යන අය කළ ඉල්ලීමකට අනුවයි මෙම නිල ඇඳුම හඳුන්වා දී ඇත්තේ.

ඒ අනුව සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා රාජකාරියෙහි නිරතව සිටින පොලිස් නිලධාරීන් සඳහා හඳුන්වා දී තිබෙනවා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුව තුළ රාජකාරිය කරන පොලිස් නිලධාරීන් 26 කට හා නිලධාරිනියන් 4 දෙනෙක් මෙලෙස නව නිල ඇඳුමින් රාජකාරියෙහි නිරත වීමට නියමිතය.