26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල්ව­තුර අප­න­ය­න­යෙන් රුපියල් මිලි­යන 3,439ක් උපයයි

පොල්ව­තුර අප­න­ය­න­යෙන් රුපියල් මිලි­යන 3,439ක් උපයයි

පොල්වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3439ක ආදායමක් උපයා ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

ඊයේ (25) කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශ­යේදී පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍ය මහින්ද අම­ර­වීර මේ බව ප්‍රකාශ කළේ.

එම සාකච්ඡාවේදී පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා පැවසුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 2705ක ආදායමක් උපයා ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සැසදීමේ දී එය රුපියල් මිලියන 734 ක ඉහළ යාමක් බවයි ඔහු සඳහන් කළේ.

වන සතුන්ගෙන් සිදුවන හානිය නිසා වාර්ෂි­කව පොල්ගෙඩි මිලි­යන 300ක පමණ මෙරටට අහිමි වන බවත්, එම ප්‍රමාණයද රැකගන්නේ නම් මීට වඩා වැඩි ආදා­ය­මක් උපයා ගැනී­මට හැකි වන බවත් ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.