― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋපන්දින කේක් ගෙඩියෙන් ආ මාරයා

උපන්දින කේක් ගෙඩියෙන් ආ මාරයා

උපන්දින කේක් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් 10 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ, පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

පන්ජාබ් ප්‍රාන්තයේ පටියාලා ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා උපන්දින කේක් එකක් ඇණවුම් කර ඇති අතර එය අනුභව කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Manvi නම් දැරිය මාර්තු 24 වැනිදා සිය උපන්දිනය පවුලේ අය සමඟ සමරා ඇති අතර එහිදී අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ කේක් ගෙඩියක් කපා පවුලේ අය සමඟ අනුභව කර තිබෙනවා.

එදින රාත්‍රියේ කේක් ගෙඩිය අනුභව කළ දැරිය සහ ඇයගේ පවුලේ කිහිප දෙනෙකු රෝගාතුර වී තිබෙනවා.

පසුදා උදෑසන දැරියගේ තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් රෝහල්ගත කර ඇතත් දැඩි සත්කාර ඒකකයේදී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කේක් ගෙඩිය ‘කේක් කන්හා’ (Cake Kanha) නම් බේකරියකින් සාදන ලද්දක් බවත්, එම කේක් ගෙඩියේ හානිකර ද්‍රව්‍ය අඩංගු වන්නට ඇති බවටත් පවුලේ අය සැක කරනවා.

එබැවින් බේකරි හිමිකරුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමටයි පවුලේ උදවිය කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් කේක් ගෙඩිය ලදා දුන් බේකරිය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.