― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදුමින්ද, ලසන්ත හා මහින්ද ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක්

දුමින්ද, ලසන්ත හා මහින්ද ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක්

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය විසින් අද (01) මෙම නියෝගය ලබා දී තිබෙනවා.

පසුගියදා පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජේෂ්ඨ උප සභාපති ධුරයෙන් මහින්ද අමරවීර ඉවත් කරන බවයි.

කෙසේනමුත් අධිකරණය විසින් අද ලබාදුන් නියෝගය අනුව මෙලෙස ඉවත් කළ සියලු දෙනා නැවත වතාවක් එම තනතුරුවල කටයුතු කරනු ඇති.