― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාස්කු ප්‍රහාරය විහිලුවට ගන්න එපා - සජිත්

පාස්කු ප්‍රහාරය විහිලුවට ගන්න එපා – සජිත්

පාස්කු ප්‍රහාරය විහිලුවට නොගන්නා ලෙසත් දැන්වත් සත්‍ය අනාවරණය කිරීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (01) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ප්‍රශ්න කරමිනි.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් ගත වී ඇතත් මෙම නින්දිත ප්‍රහාරය ගැන මලල්ගොඩ කමිටු වාර්තාව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තු විශේෂ කාරකසභා වාර්තාව මඟින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ ඒවා පරිශීලනය කිරිමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් පාස්කු වාර්තාවේ කොටස් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පවා සඟවා ඇති බවත් ප්‍රමාණවත් ඔප්පු කිරීම්වලින් බැහැරව තෝරා ගත් මහමොළකරුවන් නම් කිරීම නිසා විවිධ පුද්ගලයන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ප්‍රමාණය හා නිර්දේශ ප්‍රමාණය, මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවීමට හේතු, මෙම විමර්ශන වාර්තා මහජනතාවට පරිශීලනය කිරිමට නොදීමට හේතු මෙන්ම වත්මන් ජනාධිපතිවරයා 2022.7.18 දින ප්‍රකාශ කළ පරිදි මේ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා පැවසූ එම පරීක්ෂණය සම්බන්ධ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත්, අද සමහර මන්ත්‍රිවරුන්ට මෙය විහිළුවක් වුවත් සමස්ත ජනතාවට මෙය විහිළුවක් නොවන බවත් මින් විපතට පත් ජනතාවට විහිළුවට නොගත යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

සහරාන් සමඟ වැඩිම වාර ගණනක් දුරකථන සංවාද පැවැත්වූයේ බුද්ධි අංශ නිලධාරියකු බවට එෆ්. බී. අයි. ආයතනය ප්‍රකාශ කළත් මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සිදු නොවු බවත් මීට අදාළ පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කිරිමට විශාල වශයෙන් බාධා ඇති ව තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ මිලේච්ඡයන් සමඟ පැවැති බුද්ධි අංශ සම්බන්ධතාව ගැන දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.

පාස්කු ප්‍රහාරය නිසා විශාලම වාසිය ලැබුයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී බවත් ඔහු බලයට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ සුල මුල සොයනවා කියා වුවත් ජනාධිපති වූ පසු මේ සම්බන්ධ පරික්ෂණ සිදු කළ නිලධාරින් 31කට වැඩි ප්‍රමාණයක් මාරු කළ බවත් මේ සඳහා අදම පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉන්දීය බුද්ධි අංශ මේ ගැන දැනුවත් කර ඇති බවත් එසේ දැනුවත් කළ දින වකවානු දැන ගැනීමට අවශ්‍ය බවත් විවිධ කොමිෂන් වාර්තා අනෙකුත් වාර්තා හා අධිකරණ නියෝග හරහා විවිධ පුද්ගලයන්ට විරුද්ධව පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති අවස්ථාවක ඒ සඳහා පියවර නොගත්තේ ඇයි ද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ.

හිටපු ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් මඟින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන ඉඟි පළ කරන හෙයින් මේ ගැන තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් මෙවැනි සුවිශාල අපරාධයකට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණු හෙළිදරුව් නොකිරීමට හේතු කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ගැටලුවලට අදම පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.