― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරෝහිත්ගේ දැවීයාම සැමරූ අයෙක් ඝාතනය කරලා

රෝහිත්ගේ දැවීයාම සැමරූ අයෙක් ඝාතනය කරලා

දිනෙන් දින පුවත් මවන IPL තරගාවලියට සම්බන්ධ සිදුවීම් අතුරින් පුද්ගල ඝාතනයක් වාර්තා වී තිබෙනවා.

පසුගියදා පැවති මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය (පසුගිය 27 වනදා පැවති තරගය) අතරතුර මෙම පුද්ගල ඝාතනය සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය ඊයේ (01) වාර්තා කළේ.

මෙම තරගයේදී මුම්බායි ඉන්දියන්ස් හිටපු නායක රෝහිත් ශර්මාගේ දැවීයාම සැමරූ පුද්ගලයෙක්ව ඔහුගේ මිතුරා විසින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොල්හාපූර් නගරයේ අනුමන්ත්වාඩි ගම්මානයේ පදිංචි බන්ධොපාන්ද් තිබිලේ නැමැති 63 හැවිරිදි පුද්ගලයෙක් 50 හැවිරිදි බලවන්ත් ජන්ජේ නැමැති තවත් මිතුරෙකු සමඟ මෙම තරගය නැරඹීම සඳහා වෙනත් මිතුරෙකුගේ නිවසකට ගොස් තිබෙනවා.

එහිදී මොවුන් තිදෙනාම එක්ව තරගය නරඹා ඇති අතර තරගයේ දී රෝහිත් ශර්මා ලකුණු 26කට දැවියාමෙන් පසු 63 හැවිරිදි තිබිලේ එම සතුට සමරා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට කෝපයට පත් වූ රෝහිත් ශර්මාගේ දැඩි රසිකයෙක් වූ ජන්ජේ නැමැති පුද්ගලයා තිබිලේට පහර දී ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබෙනවා.