― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News'හබරකඩ කසුන්ගේ' ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු

‘හබරකඩ කසුන්ගේ’ ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු

ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හබරකඩ කසුන්‘ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුම යටතේ පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත හෝමාගම, පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මොහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට ආසන්නයි.

සැකකරු විසින් ඩුබායිහි වෙසෙන හබරකඩ කසුන්ගේ දැනුම් දීම මත අදාළ මත්ද්‍රව්‍ය තොග යතුරුපැදියක් භාවිතා කරමින් පනාගොඩ, නවගමුව, දැඩිගමුව, වැලිපිල්ලෑව, හෝමාගම, මීගොඩ, අතුරුගිරිය ආදී ප්‍රදේශවල අදාළ තැන්වලට රැගෙන ගොස් භාරදෙන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පනාගොඩ, පැලෑදගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103 ක්, කේරළ ගංජා ග්‍රෑම් 5 ක්, හෙරොයින් ග්‍රෑම් 5 ක්, මත්ද්‍රව්‍ය මිනුම් උපකරණ දෙකක්, ජංගම දුරකතන තුනක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය යොදාගත් යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.