26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මහියංගණය පොලිස් වසමේ පදිංචි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (03) අලුයම මහියංගණය පොලිස් වසමේ, 23 ඇල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි වියේ පසු වූ 23 ආලහැර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා රාත්‍රීයේදී තම නිවස වෙත යමින් සිටියදී 23 ඇල ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ඉඩමක් වටා ඇද තිබූ විදුලි වැටක ගැටීමෙන් විදුලි සැර වැදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.