― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරුමේනියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

රුමේනියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළා කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් පසුගියදා මාළිගාවත්ත – ලක්විරු සෙවණ නිවාස සංකීර්ණයේ සැඟවී සිටියදී මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කාන්තාව රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඒ අනුව රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට අදාළ නඩුව අද (03) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාරිය අප්‍රේල් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.