27.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා තීරයට ආහාර රැගත් ට්‍රක් රථයකට ප්‍රහාරයක්

ගාසා තීරයට ආහාර රැගත් ට්‍රක් රථයකට ප්‍රහාරයක්

ගාසා තීරයේ ජනතාවට ආහාර ලබාදීම සඳහා යමින් සිටි ජාත්‍යන්තර සහනාධාර රථයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් කම්කරුවන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය සේවකයින් අතර බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, පෝලන්තය, පලස්තීනය යන රටවලින් පැමිණි පුද්ගලයින් සහ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අය සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් සිය සහන සේවා තාවකාලිකව නැවැත්වීමට සිදු වූ බවයි එම ආයතනය පවසා ඇත්තේ.

පුණ්‍යායතනය විසින් එකතු කරන ලද ආහාර ද්‍රව්‍ය රැගෙන ගාසා තීරය බලා පිටත් වූ ආධාර නැව් ආපසු හරවා යවා ඇත.

මෙම ප්‍රහාරයට කිසිදු හේතුවක් නොමැති බවත් ඔවුන්ගේ සෑම පියවරක් ගැනම ඊශ්‍රායල හමුදාවට දැනුම් දී තිබුණද ඔවුන්ගේ වාහනයට ප්‍රහාරය එල්ල කළ බවත් World Central Kitchen (WCK) පවසනවා.

කෙසේනමුත් ඊශ්‍රායලය පවසන්නේ මෙය අහම්බෙන් සිදුවූ ප්‍රහාරයක් බවයි.

ඇමරිකාව ඇතුළු රටවල් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.