ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය මේ වසරේ සිට අඩුවන බව පුරෝකථනය කර තිබේ.
ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.
2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අවපාතය නිසා දරිද්‍රතාවය විශාල ලෙස ඉහළ ගිය බවත් නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තිය නිසා මේ වන විට ආර්ථිකය සුබදායී දිශාවකට යොමු වෙමින් පවතින බවත් එම වාර්තාවේ දැක්වෙනවා.
එහි ප්‍රතිඵල ලැබීම මේ වසරේ පළමු කාර්තුවේ සිටම ආරම්භ විය. ඒ අනුව ලෝක බැංකුවේ පුරෝකථනය වන්නේ මේ වසරේ සිට ක්‍රම ක්‍රමයෙන් දරිද්‍රතාවය අඩුවන බවයි.
2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අවපාතය එක් රැයකින් යථා තත්ත්වයට පත් නොවන්නක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


