30 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි වැටේ ගැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට

විදුලි වැටේ ගැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර, මහඉලුප්පල්ලම, පුලියන්කුලම ප්‍රදේශයේදී අනාරක්ෂිත විදුලි කම්බියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉපලෝගම පොලීසිය පැවසුවේ වගා බිමක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ අනාරක්ෂිත විදුලි කම්බියක ගැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුප්පල්ලම, ඉහළගම පදිංචි මධුසංක රත්නායක නැමැති 34 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු ජීවිකාව ලෙස කුලීවැඩ සහ කරපිංචා කඩා අලෙවි කිරීම සිදු කරන බවත් අද (04) උදෑසන එලෙස පුලියන්කුලම ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කරපිංචා කඩා නැවත එම වත්තෙන් පිටතට ඒමට උත්සහ කිරීමේදී එම වත්ත වටා ඇද තිබූ විදුලි කම්බියක ගැටී මෙම පුද්ගලයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර
ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.