30 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් 125ක් සාමසාධක රාජකාරි සඳහා පිටව යයි

තවත් 125ක් සාමසාධක රාජකාරි සඳහා පිටව යයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඊයේ (03) දිවයිනෙන් පිටත්ව ගියා.

දිවයිනෙන් පිටත්ව ගිය මෙම කණ්ඩායමට විජයබාහු රෙජිමේන්තුව සහ රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසු නිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්. එස්. පී. කටයුතු කරනු ලබයි.

සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යන භට කණ්ඩායමට සුභපැතීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යුද්ධ හමුදාව නියෝජනය කරමින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ, 14 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලීන් බණ්ඩාරනායක සහ යුද්ධ හමුදා ගමන් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් අනිල් පෙරේරා ඇතුළු යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පිටත්වගිය භට කණ්ඩායමේ නිලධාරි සහ සෙසු නිලයින්ගේ පවුල්වල සමාජිකයන් සහභාගී විය.