― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගුටි කෙළියක් මරණයෙන් කෙළවර වෙයි

ගුටි කෙළියක් මරණයෙන් කෙළවර වෙයි

කිලිනොච්චිය, පිරමන්දනාරු ප්‍රදේශයේදී ඊයේ (04) සවස ඇති වු ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ පිරමන්දනාරු ප්‍රදේශයේ විද්‍යාලයක පැවති වාර්ෂික නිවාසාන්තර උත්සවයක් අතර දෙපිරිසක් අතර බහින්බස් වීමක් සිදුව ඇති බවයි.

එහිදි විද්‍යාලීය ගුරුවරුන් හා ප්‍රදේශවාසීන් එක්ව අදාළ දෙපිරිස සමතයකට පත්කොට විද්‍යාල භූමියෙන් පිටත්කොට ඇති බවත් අනතුරුව අදාළ කණ්ඩායම් දෙක ගම්මානයේ මාර්ගයකදී නැවත බහින් බස් වි ආරවුලක් ඇති කරගෙන ඇති බව පොලිසිය පැවසීය.

එහිදි තියුණු ආයුධයකින් පහරදී ඇති බවත් අදාළ පහරකෑමට ලක්වූ 32 හැවිරිදි පුද්ගලයෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළා.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.