31 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඇමති බන්දුල දුන්හිඳ ඔඩිසි දුම්රියේ සංචාරයක

ඇමති බන්දුල දුන්හිඳ ඔඩිසි දුම්රියේ සංචාරයක

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු ‘දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය’ ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකෙරුණු සර්වාගමික වතාවත් සහ ආශිර්වාද කිරීම්වලින් අනතුරුව පෙරවරු 6.30ට ගමන් ආරම්භ කෙරුණු මෙම දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන සංචාරකයින් ඉලක්ක කරගත් තෙවන සුඛෝපභෝගී ඔඩිසි දුම්රිය වන්නේ දුන්හිඳ ඔඩිසි දුම්රියයි.