23 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි - ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල

ලොරි – ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල

හයිපොරස්ට් පොලිස් වසමට අයත් කුරුඳුඔය ප්‍රදේශයේ ඊයේ (04) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

කුරුඳුඔය දෙස සිට රාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් මගියෙකු සහ ලොරි රථයේ ගමන් ගත් එක් අයෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සමබන්ධයෙන් හයිපොරස්ට් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.