31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාපයේ ‘ඔන්ලයින් සමුළු 75’ 17 දා ඇරඹේ

එජාපයේ ‘ඔන්ලයින් සමුළු 75’ 17 දා ඇරඹේ

එක්සත් ජාතික පක්ෂයේ 75වැනි සංවත්සරයට සමගාමීව සැලසුම් කළ ‘ඔන්ලයින් සමුළු 75‘ වැඩසටහන සිකුරාදා (17) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනය (17) මුල් කර ගනිමින් මෙම සමුළු ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පසුගිය 05 වෙනිදා පැවැති පක්ෂ සම්මේලනයෙන් පසු සමස්ත රටම ආවරණය වන පරිදි ඔන්ලයින් සමුළු 75ක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබිණි.

මෙම ඔන්ලයින් සම්මන්ත්‍රණ 75න් ලැබෙන ප්‍රතිචාර පදනම් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමටත් ඊට අමතරව ඔන්ලයින් ක්‍රමවේදය අනුව රට පුරාම සාමාජිකයන් බඳවා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළැඹ තිබේ.

ඔන්ලයින් සමුළු ඇරඹීමට සමගාමීව පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු ද ආරම්භ කරන ලෙස ද පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ශිරෝමි අබයසිංහ