― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋත්සව සමයේ අනතුරුවලින් වැළකීමට උපදෙස්

උත්සව සමයේ අනතුරුවලින් වැළකීමට උපදෙස්

අනතුරුවලින් 85% ක්ම සිදුවන්නේ පුද්ගල හේතු සාධක නිසා බව ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිළධාරීනී පුෂ්පා රම්‍යාණි සොයිසා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ විශේෂයෙන්ම ගිණිකෙළි භාවිතයේදී වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් කුඩා දරුවන් ගිනිකෙළි භාවිතයට යොමු කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්ය.

උත්සව සමය කියන්නේ අනතුරු ඉහළ යන කාලයක්. විශේෂයෙන්ම මහා මාර්ගයේ අනතුරු, නිවසේදී සිදුවන අනතුරු, හිංසන ක්‍රියා, ක්‍රීඩා අනතුරු, ගිනි⁣⁣කෙලි අනතුරු ආදිය අවුරුදු සමයේ කැපී පෙනෙන අනතුරු ලෙස හැඳින්විය හැකියි. මෙම අලුත් අවුරුද්ද නිමාවීමට පෙර ඔබ සැලකිලිමත් වුවහොත් ඔබ රෝහල්ගත වීමකින් තොරව, අනතුරුවලට ලක්වීමෙන් තොරව, ජීවිතක්ෂයට පත්වීමෙන් තොරව ජීවිතය ගත කරන්න ඔබට හැකියාවක් තිබෙනවා.

විශේෂයෙන්ම නොසැලිකිලිමත්කම, මහා මාර්ගයේ ගමන් කරන විට මාර්ග නීති නොපිළිපැදීම, නිවසේදී වැඩපළ කිරීමේදී සැලකිලිමත් නොවීම හා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නිසා කෙනෙක්ගේ ජීවිතයට ලොකු හානියක් සිදුවිය හැකියි. එම නිසා ඔබ සැලකිලිමත් වීම වැදගත් වනවා. විශේෂයෙන්ම සාප්පු සවාරි යනවා, නෑදෑ ගෙවල්වල යනවා, විනෝද චාරිකාවල යෙදෙනවා, එම නිසා මහ පාරේ ගැවසෙන අවස්ථා වැඩියි. බොහොමයක් එවැනි අවස්ථාවක ඔබ මහා මාර්ගයේ නීති රීති පිළිපදින්නේ නැත්නම්, මෝටර් රථ අනතුරු විශාල වශයෙන් සිදුවන කාලසීමක් මේ කාලසීමාව.