― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහින්ද, ලසන්ත හා දුමින්දගේ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

මහින්ද, ලසන්ත හා දුමින්දගේ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනු කළ පැමිණිලි අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අදාළ පැමිණිලිවල වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩ බලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තකා මහතා වෙනුවෙන් නීතිඥවරු අදිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව නඩුවට අදාල විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දුන් අධිකරණය නඩුව නැවත ලබන 24 වනදා කැඳවන ලෙසත් නියම කළා.

කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන්ව පක්ෂයේ තනතුරු වලින් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා අදාළ අමාත්‍යවරු විසින් මෙම පැමිණිල්ල දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.