― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත් අවුරුද්දේ පළමු නැකැත අද

අලුත් අවුරුද්දේ පළමු නැකැත අද

මෙවර අලුත් අවුරුද්දේ පළමු නැකැත් චාරිත්‍ර දෙක වන අභිනව චන්ද්‍ර වර්ෂය සදහා නව සද බැලීම හා පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රයන් අදට යෙදී තිබෙනවා

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර අලුත් අවුරුද්ද උදා වන්නේ අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපරභාග 09.05 ටයි.

පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වන ඉරිදා අලුයම 03.29 වන තෙක් යෙදී තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා අපරභාග 02.41 වන විට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදිය යුතු බව නැකත් සීට්ටුවේ සඳහන්.

නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 11.06ට යෙදී තිබෙනවා.

වැඩ ඇල්ලීම, ගනුදෙනුකිරීම, ආහාර අනුභව කිරීමේ නැකත අප්‍රේල් මස 13 වන සෙනසුරාදා ම්ධ්‍යම රාත්‍රී 12.06ට යෙදී තිබෙනවා.

මෙවර හිස තෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වන සදුදා දිනට යෙදී ඇති අතර එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරුණා.

රැකී රක්ෂා අදහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 17 වන දින පූර්වභාග 06.52ට යෙදී ඇතැයි නැකැත් සීට්ටුවේ සඳහන්.