31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැටගොඩ පාර්ලිමේන්තුවට

කැටගොඩ පාර්ලිමේන්තුවට

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස් වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලෙයේ දී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදී පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු අසුන ලබාදීම සඳහා ජයන්ත කැටගොඩ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් විය.

ජයන්ත කැටගොඩ මහතා ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් වශයෙන් නැවතත් දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නෙරංජලා වික්‍රමසිංහ