27.1 C
Colombo
Saturday, January 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපන්දුවෙන් වැඩ පෙන්වූ මතීෂ තරගයේ වීරයා වෙයි

පන්දුවෙන් වැඩ පෙන්වූ මතීෂ තරගයේ වීරයා වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරගයක් ඊයේ (14) පැවැත්වුණා.

ඒ අනුව ඊයේ පැවති තරඟය ලකුණු 20කින් ජයගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 206ක් රැස්කළා.

ජයග්‍රාහී ලකුණු 207ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 186ක් රැස්කළා.

එම තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 28කදී කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.