― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅධිවේගී මාර්ග භාවිතයෙන් මිලියන 150ක ආදායමක්

අධිවේගී මාර්ග භාවිතයෙන් මිලියන 150ක ආදායමක්

පසුගිය උත්සව සමයේ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය පවසන්නේ පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලය තුළ වාහන 435,051ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බවයි.

එම කාලසීමාව තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් ලද ආදායම මිලියන 150 කට අධිකයි.