― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් තිදෙනෙකුට තුවාල

යතුරුපැදි අනතුරකින් තිදෙනෙකුට තුවාල

චාවකච්චේරි – කච්චායි මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

චාවකච්චේරි පොලිස් වසමට අයත් කච්චායි මාවත, මහිලාංකේනි හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

චාවකච්චේරි ප්‍රදේශයේ සිට තම මුනුපුරු මිනිබිරියන් දෙදෙනා යතුරුපැදියේ නංවාගෙන යමින් සිටි පුද්ගලයෙකු මහිලාංකේනි ප්‍රදේශයේ අතුරු මාර්ගයකට යතුරුපැදිය හැරවීමට උත්සාහ කිරීමේදී පිටුපසින් පැමිණි යතුරුපැදිය ගැටී ළමුන් දෙදෙනා සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා තුවාල ලැබුවා.

තුවාල ලැබූ තිදෙනා ප්‍රතිකාර සඳහා චාවකච්චේරි මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එක් දැරියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානයේ මත්පැන් බෝතල් තිබී ඇති අතර චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.