26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News14 දැරිය පැහැරගත් 17 තරුණයා අත්අඩංගුවට

14 දැරිය පැහැරගත් 17 තරුණයා අත්අඩංගුවට

14 හැවිරිදි දැරියක් පැහැරගෙන යාමේ චෝදනාව මත 17 හැවිරිදි පිරිමි ළමයෙකු කාත්තන්කුඩි පොලිසිය විසින් අද (15) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිමි දරුවා දින කිහිපයක් කොළඹ රැඳී සිට නිවසට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත කාත්තන්කුඩි පොලිසිය එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 09 වැනිදා කුට්‍රවෙලි ග්‍රාම් ප්‍රදේශයට පැමිණි මෙම සිසුවා අදාළ දැරිය පැහැරගෙන කොළඹට රැගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු ඊයේ කොළඹ සිට යළි නිවසට පැමිණෙමින් සිටියදී කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවයි කාත්තන්කුඩි පොලිසිය පැවසුවේ.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.