― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් අල්ලයි

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් අල්ලයි

පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (15) සවස ගුජරාට් ප්‍රාන්තයේ බුජ්හි දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සොරාගත් යතුරුපැදියකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය ඉරිදා අලුයම 5.00ට පමණ මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් තිබුණා.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව මෙම සැකකරුවන් දෙදෙනාම කුප්‍රකට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.

බිෂ්නෝයි මේ වන විට සංගීතවේදී මූස් වාලා සහ රාජ්පුත් නායක සහ කර්නි සේනා ප්‍රධානී සුක්දේව් සිං ගෝගමේඩි ඇතුළු ඉහළ පුද්ගල ඝාතන කිහිපයකට තිහාර් බන්ධනාගාර ගතකර සිටිනවා.

සල්මන් ඛාන්ගේ නිවසින් පිටත සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව, ලෝරන්ස් බිෂ්නෝයිගේ සහෝදරයා වන අන්මෝල් බිෂ්නෝයි සමාජ මාධ්‍ය සටහනකින් වගකීම භාරගෙන, එය ‘පෙරදසුනක්’ ලෙස විස්තර කර බොලිවුඩ් නළුවාට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ පසු සල්මන් ඛාන්ගේ ආරක්ෂක කණ්ඩායමට තවත් පිරිසක් එක් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහුට නිවසින් පිටතට යාමට පෙර මුම්බායි පොලිසියට දන්වන ලෙස ද දන්වා ඇති අතර අත්‍යවශ්‍යම කාරණාවකට හැර නිවසින් පිටතට නොයන ලෙසට ද සල්මන්ට උපදෙස් ලබා දී තිබෙනවා.