26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය වේදිකාවට ගෙනා රියදුරාගේ වැඩ තහනම්

දුම්රිය වේදිකාවට ගෙනා රියදුරාගේ වැඩ තහනම්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටී දුම්රියක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් අදාළ දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ සිද්ධිය පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළේ.

ඊයේ (15) පස්වරුවේ හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේ දී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිව වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණා.