― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ අදාළ වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ලක්ෂ 12ක ජනතාව සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම සහතික පත් නොමැති වෘත්තිකයන්ට තම අමාත්‍යංශය යටතේ කෙටි පුහුණුවකින්, පරීක්ෂණයකින් සහතික පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරභ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.