― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋලපනේ සුමංගල හිමි රිමාන්ඩ්

උලපනේ සුමංගල හිමි රිමාන්ඩ්

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී උලපනේ සුමංගල හිමියන් ඇතුළු තුන්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන් ඇතුළු දෙදෙනෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට පස්සේ බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.