― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2024 රාජ්‍ය ආයතනවල අපේක්ෂිත ආදායම ඉක්මවයි

2024 රාජ්‍ය ආයතනවල අපේක්ෂිත ආදායම ඉක්මවයි

2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි. එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමකි.

2024 වසරේ පළමු කාර්තුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ රුපියල් බිලියන 381 ඉක්මවා 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය වෙත ළගා වීමට සමත් වී ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව ද අදායම් ඉල්ලකවලින් 96%ක් ලබා ගනිමින් රුපියල් බිලියන 51ක ආදායමක් උපයා ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියි. 2024 වසර තුළ රජය රුපියල් බිලියන 4106ක ආදායමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය කාල වකවානුව තුළ ආර්ථික අර්බුදයට හේතු වූයේ රාජ්‍ය ආදායම් මට්ටම පහළ යාම බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම වසරේ පළමු කාර්තුවේ මෙම ඉලක්ක අභිබවා යාම සහ ආදායම් ලැබෙන රටාව අනුව සලකා බැලීමේ දී 2024 වසර ආදායම් ඉලක්ක සපුරා ගත හැකි වසරක් බවට පත් වනු ඇති බවයි.