― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉරාන ජනපති හා පකිස්ථාන අගමැති අතර හමුවක්

ඉරාන ජනපති හා පකිස්ථාන අගමැති අතර හමුවක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (22) පාකිස්ථානයට පැමිණියා.

මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හා පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් ද්වීපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ඉරාන ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ දෙරට අතර විදේශ වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 10කින් වර්ධනය කිරීමට බලාපොරාත්තු වන බවයි.

දෙරටේ ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීමට මෙහිදී නායකයින් එකඟවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.