27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි - වෑන් අනතුරකින් තිදෙනෙක් රෝහලට

ලොරි – වෑන් අනතුරකින් තිදෙනෙක් රෝහලට

පුත්තලම – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්ලඩි ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පවසන්නේ ආණමඩුව දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන්, වෑන් රථයට පිටුපසින් පැමිණි යතුරුපැදිය ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

වෑන් රථයේ ගමන් ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සුළු තුවාල ලැබූ එක් අයෙකු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලොරි රථයේ රියදුරුද තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.