― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලිස්සා වැටී ගැබිණි මව හා බිළිඳා ජීවිතක්ෂයට

ලිස්සා වැටී ගැබිණි මව හා බිළිඳා ජීවිතක්ෂයට

වවුනියාව රෝහලේ ගැබිණි වාට්ටුවට ඇතුළත් කර සිටි ගැබිනි මවක් නාන කාමරය තුළ ලිස්සා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තීබ්නවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ 34 හැවිරිදි මවක් වන අතර ඇය ඊයේ (22) රෝහලේ නාන කාමරයේදී ලිස්සා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව මව වහාම ශල්‍යාගාරයට රැගෙන වෛද්‍යවරුන් විසින් සැත්කමක් සිදුකර ඇයගේ කුස ​​තුළ සිටි දරුවා බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

කෙසේනමුත් මවගෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා බිළිඳා ද කුසේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය ගැබිණි මවගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව මහ රෝහලේ තැම්පත් කර තිබෙනවා.